ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින ලෙසයි.
තානාපතිවරයා පැවසුවේ ඊශ්‍රායල් ගුවන් හමුදා යානා, ඉරානයේ තෝරාගත් ස්ථාන කීපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගම මැදපෙරදිග කලාපයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් මතුව ඇති බවය.
තත්ත්වය ඉදිරියේ දී වර්ධනය වන බව නිරීක්ෂණය වන බැවින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් එල්ල විය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිලිබඳව අවධානයෙන් සිටින ලෙස තානාපතිවරයා දැනුම් දී තිබේ.
තානාපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් ඉරාන , ඉරාක, ලෙබනන්, සිරියා හා ඊශ්රායිල් ගුවන් සීමාවල ගුවන්යානා ගමන් නොකරන තත්ත්වයක් පවතින බවයි.