ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් ප්‍රවාහනය නවතා දැමූ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ගොවිපොළවල් කිහිපයකින් අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව ඇය පැවසුවාය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වලින් වාර්තා වුණු වෛරස් රෝගයක් හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දිනවල මිය ගොස් තිබේ.

එම නිසා රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම සිදු කරන බව එහිදී සඳහන් කළාය.

වෛරස් රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් ආහාරයට ගැනීම තවදුරටත් නුසුදුසු බව වැඩිදුරටත් පැවසුවාය.

Share.

Comments are closed.

Exit mobile version