ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා නොදුන් ඡන්ද දායකයින් පවා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි නියත වශයෙන් ජාතික ජන බල වේගයට ජන්දය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) පස්වරුවේ ගාල්ල බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේ පැවති “රට හදන අපි එකට” ජයග්රාහි රැළිය අමතමින් පැවසීය.
ජනාධිපතිවරණයේදී එවක පාලකයින් ජාතික ජන බලවේගය පිළිබඳ භීතියක් ඡන්ද දායකයින් තුළ මැව් බව ඔහු සඳහන් කලේය.
එය මේ වනවිට අසත්‍ය ප්‍රකාශයක් බවට ඔප්පු වී තිබේ.
පසුගිය පාලනයට වඩා වත්මන් පාලනය තුළ විදේශීය සබදතා ශක්තිමත් වී ඇත.
අලුතින් පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන්ට රට පාලනය කිරීමට පුරුද්දක් නොමැති බවට ප්‍රචාරයක් ගෙන යාමද තවදුරටත් සිදු වේ.
ඒ හේතුවෙන් හිටපු දේශපාලඥයින්ට නැවත බලය ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව වත්මන් ජනාධිපතිවරයා පැවසීය.
හිටපු දේශපාලඥයින්ට වංචා,දූෂණ ,අක්‍රමිකතා සිදුකිරීමට පමණක් පුරුදු බව ජනාධිපතිවරයා පැවසීය. ඒ හේතුවෙන් දේශපාලනය පුරුදු අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවිය යුතුය.
තරුණ තරුණියන්ට පැවති දේශපාලනය එපා වී තිබිණ.
මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැයකරන වරප්‍රසාද කප්පාදු කරන බව පැවසූ අනුර දිසානායක මහතා තවදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැයකරන මහජන මුදල් කප්පාදු කරන බවය.
රාජ්‍ය සේවය කාර්යක්ෂම හා ඩිජිටල්කරණය කිරීමට ඒ සඳහා සුවිශේෂී දැනුමක් ඇති පුද්ගලයකු නුදුරේදී දිවයිනට පැමිණෙන බව ඒ මහතා සඳහන් කලේය. ඔහුගේ දැනුම නොමිලේ රටට ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
වත්මන් රජය පිළිබඳ විදේශීය ශ්‍රමිකයන් විශ්වාසය තබා විදේශීය ප්‍රේෂන වැඩි වශයෙන් එවන බව ඔහු සඳහන් කලේය.
දූෂිතයන්ට දඬුවම් දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.
නව කැබිනට් මණ්ඩලය 25 සීමා කරන බව සඳහන් වේ. ඊට අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු ද පත්කරන බව ඔහු පැවසීය.