දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගැනීමේ සහ උසස්වීම්හි පවතින ගැටලුවලට ඉදිරි පැය 72ක තුළ විසඳුමක් ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් වැඩ වර්ජන සිදු කරන දිනය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇත.
දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන් ය.

ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමකවරුන්ගේ උසස්වීම් දී වැටුප් පරිවර්තනයක් ද සකස් කර ඇති බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ යුතු යැයි දුම්රිය සාමාන්‍යධිකාරීවරයා දැනුම්දී තිබේ.

තනතුරට අදාළ බඳවාගැනීමේ පටිපාටිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බව සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version