එරට ප්‍රථම කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරුවරිය ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත චීන අභ්‍යවකාශ යානය සාර්ථකව ගුවන් ගත කළ බව චීනය පවසනවා.
Shenzhou 19 නම් අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගිය ඔවුන් මාස හයක කාලයක් එහි රැඳී සිටිනු ඇති.
2030 වනවිට සඳ මත යමෙකු යැවීමේ අවසාන මෙහෙයුම සඳහා අත්දැකීම් සහ බුද්ධිය එක්රැස් කිරීම මෙම අභ්‍යාවකාශ ගමනේ මූලික අරමුණ බව සඳහන් වේ.
බෙයිජිං විසින් Shenzhou 19 දියත් කිරීම “සම්පූර්ණ සාර්ථකත්වයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එය චීනය සිය ප්‍රතිවාදියා වන අමෙරිකා එක්සත් ජනපදය අභිබවා යාමට උත්සාහ කිරීමක් බවයි විචාරකයන් පවසයි.