ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම ක්‍රීඩක ශ්‍රේණි­ගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් රැසක් ඉහ­ළ ඒමට සමත්ව තිබේ.

බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව නිමාවූ දෙවැනි එක්දින තර­ග­යේදී දැක්වූ දස්කම් මත මහීෂ් තීක්ෂණ පන්දු යව­න්නන් අත­රේ එක් ස්ථාන­යක් ඉදිරි­යට එමින් 12 වැනි තැනට පත්ව තිබේ. ඔහු තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ ද ස්ථාන 3කින් (35) ඉදි­රි­යට පැමිණ ඇති අතර, වනිඳු හස­රංග පන්දු යවන්නන් අතර ස්ථාන දෙකක් (16) ඉදි­රි­යට පැමිණි ඇත. වනිඳු තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතර 10 වැනි තැන සිටියි.

එක්දින පිති­ක­රු­වන් අතර පැතුම් නිශ්ශංක (7), චරිත් අස­ලංක (12) සහ කුසල් මෙන්ඩිස් (36) එම ස්ථාන­ව­ලම රැඳී සිටි­යදී සදීර සම­ර­වි­ක්‍රම ස්ථාන දෙක­කින් (45) ඉහ­ළට පැමිණ ඇත. අස­ලංක තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතර ස්ථාන 2ක් (39) ඉදි­රි­යට පැමිණ තිබේ.

මේ අතර නව­සී­ල­න්ත­යට එරෙ­හිව පැවති ටෙස්ට් තර­ගා­ව­ලියේ කැපී පෙනෙන ක්‍රීඩ­කයා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිති­ක­රණ ශ්‍රේණි­ගත කිරීම්ව­ලින් ලබා­ගෙන තිබූ ශ්‍රේණි­ගත ලකුණු 716 හේතු­වෙන් එක් ස්ථාන­ය­කින් ඉදි­රි­යට යමින් 9 වැනි තැනට පත්ව සිටී. එහි කැපී පෙනෙන වෙනස සිදුව ඇත්තේ පාකි­ස්තා­නයේ සවුද් ශාකීල් ස්ථාන 20ක් ඉදිරි­යට පැමිණ 7 වැනි තැන ගැනී­මයි. දිනේෂ් චන්දිමාල් ස්ථාන 3කින් (19) සහ ඇන්ජලෝ මැතිව්ස් එක් ස්ථාන­ය­කින් (1) ඉහළ නැඟ ඇති අතර, දිමුත් කරු­ණා­රත්න (16) ස්ථාන­ය­කින් පහත බසිද්දී ධනං­ජය ද සිල්වා 17 වැනි තැනම සිටිති.

ටෙස්ට් පන්දු යව­න්නන් අතර ප්‍රභාත් ජය­සූ­රිය (801) 6 වැනි තැනම රැඳී සිටි­යදී රමේෂ් මෙන්ඩිස් (31), විශ්ව ප්‍රනාන්දු (33) සහ ළහිරු කුමාර (37) එක් ස්ථානය බැගින් ඉහළ ගොස් තිබේ. ස්ථාන 3ක් ඉදි­රි­යට යමින් ටෙස්ට් පන්දු යව­න්නන් අතර පෙර­මුණ ගැනී­මට දකුණු අප්‍රි­කාවේ කගීසෝ රබාඩා සමත්ව ඇති අතර, එතෙක් පෙර­මුණ ගෙන සිටි ඉන්දි­යාවේ ජස්ප්‍රීට් බුම්රා තෙවැනි තැනට වැටී තිබේ. රබාඩා පෙර­මුණ ගෙන ඇත්තේ 2019 වස­රෙන් පසු­වය.

Share.

Comments are closed.

Exit mobile version