වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවකු වන මැතිව් වේඩ් තීරණය කර තිබේ.

ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36ක් එක්දින ජාත්‍යන්තර තරග 97ක් සහ විස්සයි-20 තරග 92ක් ක්‍රීඩා කර ඇත.

2024 වසරේදී ජුනි මාසයෙන් පසු මැතිව්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් හෝ එක්දින කණ්ඩායම්වල ස්ථානයක් හිමි වූයේ ද නැත.

විශ්‍රාම යන මැතිව් වේඩ් ලබන මාසයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී පුහුණුකරුවකු ලෙස ඕස්ට්‍රේලියාව සමග එක්වනු ඇතැයි වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version