හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) වීසා නීති උල්ලංඝනය කරන්නන්ගේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන පොදු සමා කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන බව නිවේදනය කළේය.

අදින් අවසන් වීමට නියමිතව තිබූ (ඔක්තෝම්බර් 31) මෙම පොදු සමා කාලය, ගතවූ අවසන් දින කීපයේදී රට පුරා සේවා මධ්‍යස්ථාන තුල ICP කණ්ඩායම් විසින් සිදු කරන ලද දත්ත සහ අධ්‍යයනයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

දහස් ගණන් පදිංචිකරුවන් තම වීසා තත්ත්වය විධිමත් කර ගැනීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති අතර, රජයේ බලධාරීන් විසින් වැඩි කාලයක් අනවසරයෙන් රැඳී සිටින්නන් සඳහා මිලියන ගණනක දඩ මුදල්ද නිදහස් කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version