අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 313කි.
මෙවර ඉන්ධන මිළ සංශෝධනය කිරීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ,ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 311 මිලෙහි පවතින අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283 පවති.
භුමිතෙල් ලීටරයක මිල ද තවදුරටත් රුපියල් 183ක් ලෙස පවතින බව වාර්තා වේ.
ලංකා ඉන්දීයන් තෙල් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ.