සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා ඊයේ (31) පැවසීය.
හිඟ සුරා බදු ගෙවන ලෙස නොවැම්බර් 30 වැනිදා තෙක් කාලය ලබාදී ඇති බවත් එම මුදල් නොගෙවන ආයතනවල බලපත්ර අහෝසි කිරීම සඳහා මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයාට බලය තිබෙන නිසා සමාගම්වල ලැයිස්තුව ජනාධිපතිවරයාට ලබාදෙන බවත් ජයවීර මහතා කීය.
මේ වනවිට මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු හිඟ බදු මුදල් ගෙවන ලෙස එම ආයතන දැනුවත් කර තිබෙන බවද ඔහු සඳහන් කලේය. සුරාබදු දෙපාර්තමේන්තුව බදු එකතු කර ගැනීමේ ක්රියාවලිය තාක්ෂණය උපයෝගී කරගෙන සිදුකිරීම මන්දගාමී බවත් තමා මේ වනවිට නව තාක්ෂණය දෙපාර්තමේන්තුවට හඳුන්වාදීම සඳහා වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් ජයවීර මහතා පැවසීය.
මත්පැන් බෝතල්වල ඇලවීමට නව ස්ටිකරයක් හඳුන්වාදීම ලබන වසරේ මුල සිට සිදුකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා මේ වනවිට ස්ටිකර් තොගයක් ලැබී ඇති බවත් පැවසූ ජයවීර මහතා සුරාබදු අයකර ගැනීම ආයතන පවත්වාගෙන යන ගමන් සිදුකිරීමට දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමුකර ඇති බවද කියා සිටියේය.