Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF තුන්වන සමාලෝචනය මහ මැතිවරණයෙන් පසු
Sri Lankan news

IMF තුන්වන සමාලෝචනය මහ මැතිවරණයෙන් පසු

kumudikaBy kumudikaNovember 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසර අවසානයේ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘ ශ්‍රේණියෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පැවති ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව අතරවායේ දී Economynext ප්‍රවෘත්ති අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය, දැනට තිබෙන ‘පැහැර හැරීම‘ ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණියට එසවෙනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා සිය විශ්වාසය පළ කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ තෙවන සමාලෝචනය මේ වන විට ප්‍රමාද වී ඇති අතර, මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ඇතුළත් වීම නොවැම්බර් අවසානය හෝ දෙසැම්බර් මුල කාලය දක්වා ප්‍රමාද වීම ඊට හේතු වී ඇති බවයි.

“තෙවන සමාලෝචනය දෙසැම්බර් අග වන විට අවසන් කළ යුතුව තිබෙනවා.නමුත් ඊට පෙර, ලබන වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි පූර්ව ක්‍රියාමාර්ග කළ යුතුව තිබෙනවා. එය සිදුවන්නේ ලබන වසරේ මුල් මාස තුන ඇතුළත. මෙවැනි කාරණා නිසා තෙවන සමාලෝචනයේ ප්‍රමාදයක් සිදුවිය හැකියි“ යනුවෙන් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIPL වෙන්දේසිය සඳහා මතීශට ඉඩ නොලැබෙන ලකුණු
Next Article අබුඩාබියේ පාසල්වල, නේවාසික ප්‍රදේශවල පදිකයින්ට ඉඩ නොදීම සඳහා Dh500 දඩයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.