ශ්‍රී ලංකාවේ නාගරික ජනතාවගෙන් 23%ක් දිය වැඩියා රෝගයට ගොදුරු වී ඇතිබව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිෂාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

නාගරික ජනතාවගෙන් 30% පූර්ණ දියවැඩියා ලක්ෂණ වලින් පෙළෙන බව ඇය පැවසීය.
මෙරට දිය වැඩියා රෝගී ප්‍රතිශතය 14%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස දිය වැඩියා රෝගීන් ඉහළ යාමට හේතුවී ඇත්තේ අහිතකර ආහාර රටාව බව පැවසීය.
ව්‍යායාම් නොමැති වීම,නිදි මැරීම ඇතුළු කරුණු රැසක් ද දිය වැඩියා රෝගයට ගොදුරු වීමට හේතුවී තිබේ.

හෘද රෝගය ,ආඝාදය,අංශ භාගය ,ස්නායු පද්ධතිය ඇතුළු මුළු සර්වාන්ගයටම බලපෑම් කිරීමට දිය වැඩියා රෝගයට හැකියාව පවතියි.

දිය වැඩියා රෝගය හේතුවෙන් පැයකට එක් පුද්ගලයකුගේ පාදය ඉවත් කිරීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.

Exit mobile version