ඉන්දීය ප්‍රීමියර් ලීග් 2025 අදියරේ කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් අතර, වැඩිම ගෙවීම දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන්ට හිමි වන අතර, එම මුදල ඉන්දීය රුපියල් කෝටි 23ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 80ක්) පමණ වේ.

හෙන්රිච් ක්ලාසන් 2025 වසරේදී ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් පිල සමඟ තවදුරටත් කටයුතු කිරීමට එකඟවී ඇති අතර, ඔහුගේ සම්බන්ධය දිගටම පවත්වා ගෙන යාමේ ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදු වනු ඇත. ක්ලාසන් 2023දී සන්රයිස් හයිද්‍රාබාද් පිල සමඟ එක්වූ අතර, අදියර දෙකක් පුරාවට ඉනිම් 26කදී ලකුණු 927ක් රැස්කර ගෙන ඇති අතර, 175 කට ආසන්න විස්මිත ප්‍රහාරක වේගයක් රඳවා ඇත.

ඉන්දීය පිතිකරු විරාත් කෝලි මීළඟ IPL තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ කටයුතු කරන අතර, ඔහුට ගෙවන මුදල ඉන්දීය රුපියල් කෝටි 21ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 73ක්) වේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කෝලි සමඟ රාජාට් පැටිඩාර් හා යාෂ් දයාල් රදවා ගන්නා ලද ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස නම් කර ඇත.

2008 වසරේ සමාරම්භක තරගාවලියේදී පිවිසි ක්‍රියාකාරී ක්‍රීඩකයින් අතර, කෝලි IPL සියලු තරග තනි කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත විය.

ලක්නව් සුපර් ජයැන්ට්ස් පිලට ක්‍රීඩා කරන නිකලස් පූරන්ගේ මීළඟ තරගවාරයේ ගෙවීම ඉන්දීය රුපියල් කෝටි 21ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 73ක්) ලෙස සටහන්වී ඇත. නිකලස් පූරන් අධිකම රඳවා තබා ගැනීමේ තේරීම බවට පත් වූ අතර, 29 හැවිරිදි ඔහු එවැනි ගෙවීමක් කරන එම කණ්ඩායමේ එකම විදේශීය තරුව වේ. පූරන් 2024 වාරයේදී ඉනිම් 14කදී ලකුණු 499ක් ලබා සාමාන්‍ය 62.37ක් ලෙස රඳවා ගත්තේය.

Share.

Comments are closed.

Exit mobile version