ඉන්දීය නාවික හමුදාවට අයත් INS Vela සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ (10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කලහ.

මෙලෙස කොළඹ වරායට පැමිණි INS Vela සබ්මැරීනය, දිගින් මීටර් 67.5ක් වන අතර, 53ක ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට අණ දෙන නිලධාරි ලෙස කොමාන්ඩර් කපිල් කුමාර් (Kapil Kumar) කටයුතු කරයි. ‘INS Vela’ සබ්මැරීනය මෙරට රැඳී සිටින කාලසීමාව තුළ, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එහි කාර්ය මණ්ඩලය සහභාගි වීමට නියමිතව ඇති අතර, එහි මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳ පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් සහභාගි වීමටද නියමිතව ඇත.


එසේම, සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය. නිල සංචාරය නිමා කරමින් බදාදා (13) මේ සබ්මැරීනය කොළඹින් පිටත්ව යෑමට සැලසුම් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version