ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දුර ප්‍රමාණය අනුව සේවකයින්ට නිවාඩු ලබා දෙන්නැයි කම්කරු අමාත්‍යාංශය සියලු පෞද්ගලික සේවා යෝජකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, මේ පිළිබඳ මැතිවරණ කොමිසම මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව ද ඔවුන් මීට පෙර දැනුවත් කළ බවයි.

ඒ අනුව සේවා ස්ථානයේ සිට කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු දුරකින් ඡන්ද මධ්‍යස්ථානය පවතී නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40ත් 100 ත් අතර දුර ප්‍රමාණයක ඡන්ද මධ්‍යස්ථානය පිහිටියේ නම් දිනක නිවාඩුවක් ද ලබා දිය යුතු බවය.

සේවා ස්ථානයේ සිට ඡන්දපොළට යා යුතු දුර කිලෝමීටර් 100 ත් 150ත් අතර වේ නම් දින එකහාමාරක නිවාඩුවක් අනුමත කළ යුතු බව ද ලේකම්වරයා අවධාරණය කළේ ය.

ඔහු සඳහන් කළේ, කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් අනුමත කළ යුතු බවයි.

මෙම නිවාඩු ලබා දීමේදි සේවකයින්ගේ වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව එම නිවාඩු ලබා දිය යුතු බව ද කම්කරු අමත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළේ ය.

Share.

Comments are closed.

Exit mobile version