ඕල්කට් ආදි සිසුන් විසින් සංවිධානය කල shuttle Smash Fest විවෘත බැඩ්මින්ටන් තරඟාවලිය පසුගියදා ඩුබායි හි DIP Sports Club හි දී පැවැත් විණි.
මෙහිදී පිරිමි අංශයෙන් කුසලානය දිනා ගත්තේ D.S.සේනානායක විද්‍යාලයීය DS Smash කණ්ඩායමය. අනු ශූරතාව කටුගස්තොට ශාන්ත අන්තෝනි පාසල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. පලිහ ( Shield) ශුරතා අංශයෙන් රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවත්, මලියදේව විද්‍යාලයීය කණ්ඩායම අනු ශූරතාවත් දිනා ගත්හ.
පලඟ (Plate) තරඟ අංශයෙන් ජය හිමි කර ගත්තේ Q Warriors කණ්ඩායමයි. එහි අනු ශූරතාව මලියදේව කණ්ඩායම හිමි කර ගැනීමට සමත් විය. හොඳම ක්‍රීඩකයා ලෙස තේරී පත් වූයේ SLQS හි Q warriors සාමාජික සචින්ත විසිනි.
කාන්තා තරඟ අංශයෙන් කුසලානය දිනා ගත්තේ SLQS හි Q Smashers කණ්ඩායමය. අනු ශූරතාවයද SLQS හි Racketers කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූහ. කාන්තා අංශයෙන් කුසලාන ශූරතාව හා අනු ශූරතාව යන දෙකම SLQS හි කාන්තා කණ්ඩායම් දෙකක් විසින් දිනා ගැනීම විශේෂත්වයකි.
පලිහ තරඟ අංශයෙන් (Shield) ජය Shuttle Strickers කණ්ඩායම දිනා ගත් අතර MCR කණ්ඩායම අනු ශුරතාව දිනා ගත්හ. පලඟ අංශයේ (Plate ) ජය MMS කණ්ඩායමට හිමි විය. Feather Fighters කණ්ඩායම අනු ශූරතාව ලබා ගත්හ.