Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»බුකර් සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වේට
World news

බුකර් සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වේට

kumudikaBy kumudikaNovember 14, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අඩ­සිය වස­රක් පුරා පිරි­නැ­මෙන ජාත්‍ය­න්තර බුකර් සම්මා­නය මේ වස­රේදී බ්‍රිතා­න්‍යයේ ප්‍රකට ලේඛිකා සමන්තා හාර්වේගේ ‘ඕබි­ටල්’ ප්‍රබන්ධ නව­ක­තා­වට හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 5කට පසු මේ විශිෂ්ට සම්මා­න­යෙන් පිදුම් ලැබූ පළමු ලේඛිකාව ලෙස ද ඇය වාර්තා පොතට එක්වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මීට පෙර අව­සන් වරට 2019 දී කැනේ­ඩි­යානු ලේඛිකා මාග­රට් අට්වුඩ්ගේ The Testaments සහ බ්‍රිතාන්‍ය ජාතික බර්න­ඩින් එව­රි­ස්ටෝගේ Girl, Woman, Other කෘතිය අතර සමසේ බෙදී ගොස් තිබූ බව ද වාර්තා වේ.

ජාත්‍ය­න්තර අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය වෙත යන අමෙ­රි­කානු, රුසි­යානු, ඉතාලි, බ්‍රිතාන්‍ය හා ජපාන ගග­න­ගා­මීන් 6 දෙනකු විසින් පැය 24ක් ඇතු­ළත පැයට සැත­පුම් 17, 000ක වේග­යෙන් පෘථි­විය වටා 16 වාර­යක් ගමන් කර­මින් ලැබූ අත්දැ­කීම් මේ විද්‍යා ප්‍රබ­න්ධ­යට ඇතු­ළත් වන අතර, එය බුකර් සම්මාන ඉති­හා­සයේ අභ්‍ය­ව­කා­ශය ඇසු­රින් රචිත කෘති­යක් ඇගැ­යී­මට ලක්වූ පළමු අව­ස්ථාව වන බව ද වාර්තා වේ.

‘ඕබි­ටල්’ කෘතිය පිටු 136කින් සම­න්විත බවත්, එවැනි කෙටි නව­ක­තා­වක් බුකර් සම්මා­න­යට පාත්‍ර වූයේ වසර 45කට පසුව බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. මීට පෙර බ්‍රිතාන්‍ය ජාතික පෙනෙ­ලොප් ෆිට්ස්ජෙ­රාල්ඩ් විසින් රචිත Offshore කෘතිය පිටු 132ක නව­ක­තාව 1979 බුකර් සම්මා­නය හිමි­කර ගනු ලැබීය.

බුකර් සාහිත්‍ය සම්මා­නය සමඟ සම­න්තාට පවුම් පන­ස්ද­හ­සක මුදල් ත්‍යාග­යක් ද හිමි වූ අතර, 49 හැවි­රිදි මේ ලේඛි­කාව සඳ­හන් කර ඇත්තේ මේ සම්මා­නය ඇගේ ජීවි­තය වෙනස් කරනු ඇති බවය. ‘මට අලුත් බයි­සි­ක­ල­යක් ගන්න ඕන කර­ලයි තිබුණේ. දැන් ඒක කර­ගන්න පුළු­වනි’ සම්මා­නය දිනා ගැනී­මෙන් පසු ඇය එසේ සඳ­හන් කර තිබේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Ice & Lights Festival  නොවැම්බර් 28 දා සිට
Next Article මැතිවරණය සාමකාමීයි – පැෆරල් සංවිධානය
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.