2024 මහ මැතිවරණයට අදාළව අද උදෑසන 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම් කටයුතු ප්‍රචණ්ඩත්වයකින් තොරව මේ දක්වා සාමකාමී අන්දමින් සිදුකෙරෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එසේම ඡන්ද දායකයින් තම ඡන්දය භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන බව නිරීක්ෂණය වූ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඇතැම් පෞද්ගලික ආයතනවල ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් හට නිවාඩු ලබා නොදීම පිළිබඳව පැෆ්රල් සංවිධානයට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව සඳහන් වේ.

ඊට අමතරව ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව පත්‍රිකා බෙදාහැරීම පිළිබඳව පැමිණිලි රාශියක් ද වෙනත් ආකාරයේ ප්‍රචාරක කටයුතු පිළිබඳව පැමිණිලි කිහිපයක් ද මුල් පැය එක හමාරක පමණ කාලය තුළ ලැබී ඇති බව සඳහන් ය.

Share.

Comments are closed.

Exit mobile version