Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»උතුරු නැගෙනහිරත් මාලිමාවට – ඉලංකෙයි අරසුකච්චි පසු බැසීමක
General Election SL - 2024

උතුරු නැගෙනහිරත් මාලිමාවට – ඉලංකෙයි අරසුකච්චි පසු බැසීමක

kumudikaBy kumudikaNovember 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උතුරු හා නැඟෙ­න­හිර පළාතේ දේශ­පා­ලන බලය වැඩි වශ­යෙන් රඳ­වා­ගෙන සිටි ඉලං­කෙයි තමිල් අරසු කච්චි මෙවර පසු­බැ­සී­ම­කට ලක්ව ජාතික ජන බල­වේ­ගය එම පළා­ත්­වල ජනතා විශ්වා­සය දිනා­ගෙන ඇති බව මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ මනාප ප්‍රතිඵ­ල­ව­ලින් පෙන්නුම් කෙරේ.

මෙයට පෙර පැවති මැති­ව­ර­ණ­යන්හි දී උතුරු හා නැඟෙ­න­හිර පළා­ත්වල වැඩිම මනාප ප්‍රමා­ණ­යක් ලබා­ ගෙන ඉදි­රි­යෙන්ම ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිටි­යත් මෙවර උතුරු පළාතේ යාපනය හා වන්නි දිස්ත්‍රික් දෙකෙ­හිම වැඩිම මනාප ප්‍රමාණ­යක් හිමි­කර ගැනී­මට සමත්ව ඇත්තේ ජාතික ජන බල­වේ­ග­යයි.

යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් පළමු තැනට පත්වෙ­මින් ජාතික ජන බල­වේ­ගය මන්ත්‍රී ධුර 03ක් හිමි­කර ගන්නා­විට ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙවැනි තැනට පත්වෙ­මින් දිනා ගැනී­මට සම­ත්වන්නේ මන්ත්‍රී ආසන 02ක් පමණි.

නැඟෙ­න­හිර පළාතේ දිගා­ම­ඬුල්ල හා ත්‍රිකු­ණා­ම­ලය යන දිස්ත්‍රික් දෙකෙ­හිම මනාප ප්‍රති­ඵල අත­රින් පළමු තැනට ජාතික ජන බල­වේ­ගය පත්වන විට ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය දිගාමඬුල්ලෙන් සිව් වැනි තැන­ටත්, ත්‍රිකුණාමලයෙන් තෙවැනි තැන­ටත් පත්ව තිබීම විශේ­ෂි­තය.

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර 02ක් ද, දිගාම­ඬුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර 04ක් ද ජාතික ජන බල­වේග හිමි­කර ගන්නා විට ඉලං­කෙයි තමිල් අර­සු­කච්චි පක්ෂය එම දිස්ත්‍රික් දෙකෙන් හිමි­කර ගන්නේ මන්ත්‍රී ධුර එක බැගිනි.

ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙවර මහ­මැති­ව­ර­ණ­යෙන් දිනා ගන්නා එකම දිස්ත්‍රි­ක්කය වන්නේ මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කය පමණි. එම පක්ෂය මන්ත්‍රී ධුර 03ක් හිමි­කර ගන්නා අතර එම දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත්වූ ජාතික ජන බලවේ­ගය එක් ආස­න­යක් දිනා ගැනී­මට සමත්ව ඇත.

ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු­බෑ­ම­කට ලක්ව ඇති අතර 2020 වසරේ පැවති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් මනාප 327,168ක් එම පක්ෂය ලබා­ගෙන තිබුණේ ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ධුර­යක් සමඟ මන්ත්‍රී ධුර10ක් හිමි කර­ගෙ­නය.

නමුත් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඔවුන්ට හිමි­ක­ර­ගත්තේ මනාප 257,813ක් පමණි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් සමඟ එම පක්ෂ­යට මෙවර හිමි­වන්නේ මන්ත්‍රී ධුර 08ක් පමණි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකා පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් වෙයි – විජිත හේරත්ට වාර්තාගත මනාප සංඛ්‍යාවක්
Next Article ලෝක කුසලාන කැරම් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.