මෙවර මහ මැතිවරණයෙන් 10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන්, අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව බව වාර්තා වේ.

අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අදාළ පක්ෂ වෙත මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ තම ජාතික ලැයිස්තු තවමත් නිශ්චිතව තීරණය කර නැති බවයි වාර්තා වේ. අදාළ පක්ෂ තම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ ලබා දේමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම නාම ලේඛණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරනු ඇත.

මේ වන විට ඒ ඒ දිස්ත්‍රික්කවලින් ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version