ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලයි

ඊශ්‍රා­ය­ලය ජන සංහා­ර­යක් සිදු කරන බවට සවුදි කුම­රු­ගෙන් චෝදනා

ගාසා තීරයේ සහ ලෙබ­න­නයේ සිදු­ක­රන ප්‍රහාර වහාම නතර කරන ලෙස සවුදි අරා­බියේ රියාද් නුවර පැවති ලෝක අරාබි හා මුස්ලිම් රට­වල රාජ්‍ය නාය­ක­යන්ගේ සමු­ළු­වේදී සවුදි අරා­බියේ ඔටුන්න හිමි මොහො­මඩ් බින් සල්මාන් කුමරු ඊශ්‍රාය­ල­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැද­පෙ­ර­දිග යුද ගැටුම පල­ස්තීන හා ලෙබ­න­නයේ ජන­තා­වට එරෙ­හිව සිදු කරන ජන සංහා­ර­යක් ලෙස හඳු­න්ව­මින් ඊශ්‍රා­යල ප්‍රහාර හෙළා දකින බව ද සවුදි කුමරු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඉදි­රි­යේදී මෙවැනි ආක්‍ර­ම­ණ­ශීලි ක්‍රියා සිදු කිරී­මෙන් වළ­කින ලෙස ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලී­මක් කර ඇති සවුදි කුමරු පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගන්නා ලෙස ලොව පුරා රට­ව­ලින් ඉල්ලී­මක් කර ඇතැයි ද වාර්තා වේ.

සවුදි අරා­බියේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැති එම සමුළු­වට පල­ස්තීන, තුර්කි නයි­ජී­රියා ජනා­ධි­ප­ති­ව­රුන් ද, ඉරා­නයේ උප­ජ­නා­ධි­ප­ති­ව­රයා ද, ලෙබ­නන්, පාකි­ස්තාන අග­මැ­ති­වරු ඇතුළු අරාබි මුස්ලිම් රට­වල රාජ්‍ය නාය­ක­යන් විශාල පිරි­සක් සහ­භාගි වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version