ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය.

එම පිරිස 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතය.

මෙම වසරේ ජූනි මාසයේදී IMF විසින් සමාලෝචනය සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 336 ක තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කරන ලදී.

Share.

Comments are closed.

Exit mobile version