වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ අතර, පළමු අනුශූරිය ලෙස නයිජීරියාවේ නීති ශිෂ්‍යාවක වන චිඩිම්මා අඩෙස්ෂිනා ද, දෙවැනි අනුශූරිය ලෙස මෙක්සිකෝවේ මරියා ෆර්නැන්ඩා ද ජයග්‍රහණ හිමි කර ගත්හ.
මෙවර තරගයේ අවසන් වටයට මෝල්ටාවේ 40 හැවිරිදි බියට්‍රිස් එන්ජොයා ද එක්වූ අතර, ඇය විශ්ව රූ රැජන තරග ඉතිහාසයේ අවසන් වටයට පිවිසි වයස්ගතම තරුණිය ලෙස වාර්තාපොතට එක්වූවාය.