එක්සත් රාජධානියේ වාසය කරන ශ්‍රී ලාංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවකු වන මැක්සිම් පතිරණ වයස අවුරුදු 15 දී ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කර ඇත.
ලන්ඩනයේ උපත ලද මැක්සිම් ඉතා කුඩා අවධියේ සිටම ලිවීමට කැමැත්තක් දැක් වූ අයෙකි.
කොවිඩ්-19 අගුලු දැමීම් නිසා ළමුන් නිවෙස්වලට සීමා කළ විට, මැක්සිම් ඔහුගේ නිර්මාණශීලීත්වය නවකතාවක් ලිවීමට යොමුකළේය.
‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ කතා මාලාවට ඔහු තුළ ඇති ආදරයෙන් ආශ්වාදයක් ලැබූ ඔහු, ප්‍රාථමික පාසලේදී එම ආශාව සම්පූර්ණ කරමින් The One They Have to Fear (ඔවුන් බිය විය යුතු තැනැත්තා) ලිවීය.
මැක්සිම් දැන් ද්විතීයික පාසල් ශිෂ්‍යයෙකු වන අතර, ඔහුගේ සාහිත්‍ය ගමන දිගටම කරගෙන යෑමට ඔහුගේ ගුරුවරුන් ඔහුව දිරිමත් කර ඇත.
ඔහු මේ වන විට කතා මාලාවේ දෙවන කොටසේ වැඩ ආරම්භ කර ඇති අතර එය දැනට ලියැවෙමින් පවතී. මැක්සිම්ගේ The One They Have to Fear කෘතිය ඇමේසන් මාර්ගගත වේදිකාවෙන් සහ ලොව පුරා පොත් සාප්පුවලින් ඇණවුම් කිරීමට තිබේ.