Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉදිරි වසර පහ ඇතුලත ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 45 ක් කිරීමට සැලසුම්
Sri Lankan news

ඉදිරි වසර පහ ඇතුලත ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 45 ක් කිරීමට සැලසුම්

kumudikaBy kumudikaNovember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි වසර පහක කාලය ඇතු­ළත රජයේ ඉල­ක්කය ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 45ක් බව ශ්‍රී ලංකා අපන­යන සංව­ර්ධන මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි. සංචා­රක ව්‍යාපා­රයේ ආදා­යම ඇතු­ළුව එවැනි වාර්ෂික ඉල­ක්ක­යක් කරා ගමන් කිරී­මට අපේක්ෂා කරන අතර ඒ අනුව අපේ­ක්ෂිත භාණ්ඩ අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 25ක් සහ අපේක්ෂිත සේවා අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 11.5ක් වන බව ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේසිංහ මහතා පව­සයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩල ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ (20) පෙර­ව­රුවේ පැවති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.
එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා පෙන්වා දුන්නේ අද වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපන­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 12ක් සහ සේවා අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.5ක් පමණ වන නමුත් ඉදිරි වසර පහක කාල­යේදී එම ආදා­යමේ විශාල වර්ධ­න­යක් අපේක්ෂා කරන බවත් දේශ­පා­ලන ස්ථාවර බව සමඟ ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ප්‍රග­ති­යක් ශ්‍රී ලංකාවේ අපේක්ෂා කළ හැකි බවත්ය.

එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි අව­ධා­නය යොමු කිරීමේදී වරාය ක්ෂේත්‍රය ඉක්ම­නින් දියුණු කළ හැකි බව පෙන්වා දුන් සභා­ප­ති­ව­රයා ශ්‍රී ලංකාවේ අප­න­යන ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් ස්ථාපිත රාජ්‍ය ආයත­නය වන අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය තුළින් ශ්‍රී ලංකාවේ අප­න­යන ප්‍රව­ර්ධ­නය හා සංව­ර්ධ­නය වෙනු­වෙන් අවශ්‍ය උප­දෙස් ලබා­දීම සහ මඟ­පෙ­න්වීම සිදු­ක­රන බව ද පෙන්වා දුන්නේය.

මේ වන­විට ප්‍රධාන වශ­යෙන් භාණ්ඩ සහ සේවා අපන­ය­නය ශ්‍රී ලංකා­වෙන් සිදු වන බව කී මංගල විජේ­සිංහ මහතා නව රජයේ අපේ­ක්ෂාව අප­න­යන ආදා­යම ඉහළ නංව­මින් රටේ ආර්ථික වර්ධ­නය වේග­වත් කිරීම බව ද ඒ වෙනු­වෙන් අවශ්‍ය සැල­සුම් සකස් කර තිබෙන බව ද පැව­සීය. එවැනි ඉල­ක්කයක් කරා ශ්‍රී ලංකාවේ අප­න­යන ආදා­යම රැගෙන යෑම සඳහා මේ වන­විට අධ්‍ය­ය­නය කර­මින් තිබෙන බව පැවසූ සභා­ප­ති­ව­රයා එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ අප­න­යන ආදා­යම වැඩි කිරීම සහ නව නිෂ්පා­දන අප­න­ය­නය කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කිරීම මේ සඳහා වැද­ගත් වන බව ද පැව­සීය.

ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ හාබර් මාස්ටර් කපි­තාන් නිර්මාල් සිල්වා, නීල් ප්‍රනාන්දු සහ පෞද්ග­ලික සමා­ගමේ අධ්‍යක්ෂ ශාන් පෙරේරා, GAC ගෘප් ශ්‍රී ලංකා ආය­ත­නයේ අධ්‍යක්ෂ රිකී බර්නාට් මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article10 වන පාර්ලිමේන්තුව අද ඇරඹෙයි
Next Article නව කථානායක අශෝක රංවල – නියෝජ්‍ය තනතුර මොහොමඩ් රිස්විට
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.