Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»නව කථානායක අශෝක රංවල – නියෝජ්‍ය තනතුර මොහොමඩ් රිස්විට
sri Lankan special

නව කථානායක අශෝක රංවල – නියෝජ්‍ය තනතුර මොහොමඩ් රිස්විට

kumudikaBy kumudikaNovember 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබිණි.

ආචාර්ය අශෝක රංවල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කළ අතර එහිදී ඒ මහතා මනාප 109,332 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 6 වන ස්ථානයට පත්විය.

මේ අතර නියෝජ්‍ය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා යෝජනා කරනු ලැබීය.

එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසිනි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉදිරි වසර පහ ඇතුලත ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 45 ක් කිරීමට සැලසුම්
Next Article සාජා පරිත්‍යාග, අරමුදල් සඳහා මුදල් රැස්කරන්නන් සම්බන්ධයෙන් නව නීතියක්
kumudika

Related Posts

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.