ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් ලද, ජෝන්ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ් (John Alfred Tinniswood) මියගොස් ඇති බව වාර්තා වේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු අවුරුදු 112 කි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඇල්ෆ්‍රඩ් ඊයේ (25) ඔහු ජීවත් වූ සවුත්පෝට් සත්කාරක නිවාසයේදී මියගිය බවට ඔහුගේ පවුලේ අය තහවුරු කළ බවය.
එසේම ඔහුගේ අවසන් මොහොත, සංගීතයෙන් සහ ආදරයෙන් වට වූ එකක් වු බවද සඳහන්ය.
ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ්, ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේදී යි.
ඒ, අවුරුදු 114 ක් වුණු Juan Vicente Pérez Mora මියගිය පසුවයි. 1912 අගෝස්තු 26 වන දින ටයිටැනික් නෞකාව ගිලී ගිය වසරේම උපත ලැබූ ටින්නිස්වුඩ් 2020 වසරේ දී එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා බවට පත්ව තිබුණි.