Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරයි
Sri Lankan news

ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරයි

kumudikaBy kumudikaNovember 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ස්වෛරී ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඊට අනුමැතිය හිමි වූ බවත් කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරී බැඳුම්කර හිමියන්, තත්ත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව එකඟතාවට පැමිණි බව ද ඒ මහතා පැවැසීය.

මේ අතර මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එළඹෙන දෙසැම්බර් මාසයේ 12 වැනිදාට පෙර මෙම නව ක්‍රමවේදයට අනුගත වන ලෙස ස්වෛරීත්ව බැඳුම්කර හිමිකරුවන්ට ආරාධනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් https://projects.sodali.com/srilanka වෙබ් අඩවියේ උපදෙස් දක්වා තිබෙන අතර බැඳුම්කර හිමිකරුවන් ඉක්මනින් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙස උනන්දු කරන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ නව ක්‍රමවේදය වසර දෙකක කාලයක් පුරා යහපත් චේතනාවක් ඇතිව කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව පෙන්වාදෙන එම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ 17 වැනිදා කණ්ඩායම් දෙකක් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹි බව ද ශ්‍රී ලංකාවේ ණය දෙන කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය මේ ක්‍රියාවලියට දී තිබෙන බව ද කියා සිටී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකාලගුණය හරස් වීමෙන් ගුවන් යානා හයක් හරවා යවයි
Next Article මහ බැංකුව රුපියල් බිලියන 205 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි
kumudika

Related Posts

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.