2025 අප්‍රේල් මාසයේ සිට සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
එහිදී රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ පෞද්ගලික වාහන ආනයනය කිරීමේ දී විද්‍යුත් සහ දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛත්වය දීමටයි.
මේ අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ වාහන ආනයනය කර දෙන බවට එක්තරා පෞද්ගලික සමාගමක් මේ වන විට මුදල් අත්තිකාරම් ලබා ගෙන ඇති බවයි.
පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ මෙම සමාගම රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ගෙන ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
එම සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ.