මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.
පසුගියදා ඇති වූ අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ එය පහළ යෑමක් පෙන්නුම් කරන බව සඳහන් කලේය. ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබිය යුතුය.
මේ වනවිට පවතින තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක රටට ඇතුළුවීම මීට හේතු වී තිබේ. මෙම තත්ත්වය 30 දිනය වනවිට පහව යනු ඇති බව සඳහන් ය.
වායුවේ පවතින අහිතකර තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් ප්‍රවේශම් වීම ඉතා වැදගත් බව ද මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.