2024 Mr. World’ තරගා­ව­ලි­යෙන් ලෝකයේකඩ­වසම් තරු­ණ­යන් අත­රින් අව­සන් දස­දෙනා (Top 10) අතරට තේරී පත් වූ මේඝ සූරි­ය­ආරච්චි හට මේ වන විටත් Hollywood ඇරයුම් ලැබී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පැවති ‘Mr. Sri Lanka’ තර­ගා­ව­ලි­යේදී මෙරට කඩ­ව­සම්ම තරු­ණයා ලෙස තේරී­පත් වූ මේඝ සූරි­ය­ආ­රච්චි මෙවර මිස්ටර් වර්ල්ඩ් තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් විය.

අනතුරුව 11 වැනි වාරය වියට්නාමයේ පසුගියදා පැවති අතර ‘2024 Mr. World’ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කරගැනීමට සමත්වීම විශේෂත්වයකි.

එම තර­ගා­ව­ලි­යේදී අව­සන් දස­දෙනා අත­රට තේරී පත්වීම, ශ්‍රී ලංකාව මෙවැනි තර­ගා­ව­ලි­ය­කදී ජාත්‍යන්තර වශ­යෙන් ලබා ගත් ප්‍රථම ජය­ග්‍ර­හ­ණය බව සදහන් වේ. මෙම තර­ගා­ව­ලි­යේදී හොඳම ජාතික ඇඳුම් නිර්මා­ණ­යට හිමි සම්මා­න­ය හා තර­ගාව­ලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසා­දය හිමි­කර ගත් තරු­ණ­යාට හිමි සම්මා­න­යද දිනා ගත්තේ මේඝ සූරි­ය­ආ­රච්චි විසිනි. ආසි­යාවේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් දෙවන ස්ථානය දිනා ගැනී­මට ද ඔහු සමත් විය.

Share.

Comments are closed.

Exit mobile version