තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ, කාන්තා ෆිෂික්ස් ( Woman Physique ) අංශය යටතේ තරග කර , එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගෙන රිදී පදක්කමක් හිමි කර ගත් තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඊයේ (02) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය 11/30 දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400 ක ගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .
රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සදරේණු පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර , මෙම ජයග්‍රහණයත් සමග ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන ” ඔලිම්පියා “‘ ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමි වී තිබේ .
තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී , ජාතික ශූරිය බවට පත් වී සිටියාය .
තාරකා සදරේණු 12/02 දින රාත්‍රී 10.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය පිළිගැනීම සදහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .