සඳුදා (09) සිට දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් යළි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
13 වැනිදා දක්වා එම වැසි තත්ත්වය පැවතිය හැකිය. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙ දකුණු අන්දමන් දූපත් අසල කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වීම ඊට හේතුවී තිබේ.
එය වර්ධනය වෙමින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු දෙසට වයඹට බරව ගමන් කරන බව පැවසීය.
මිට පෙර ගමන් ගත් පද්ධතියට සාපේක්ෂව නැගෙනහිර වෙරළ තීරයට ඈතින් ගමන් කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් ය.
එහෙත් එහි වක්‍ර බලපෑම දිවයිනට ඇතිවිය හැකිය.
උතුරු ,නැගෙනහිර ,උතුරු මැද සහ ඌව පළාත් වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි වේ.
ඉදිරියේදී නිකුත් කරන නිවේදන තුළ එම පද්ධතිය ගමන් ගන්නා මාර්ගය පිළිබඳ දැනුවත් කරන බව වැඩිදුරටත් පැවසීය.