රැකියා ලබා දෙන බව පවසා මේ දිනවල සමාජ මාධ්‍ය තුල මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

රැකියා හෝ විවිධ ප්‍රධානයන් ලබා දෙන බව පවසා ජනතාවගෙ රහස්‍ය තොරතුරු ලබා ගැනීම සිදුවන හෙයින් මෙවැනි අසත්‍ය පණිවිඩ සඳහා නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

වට්ස් ඇප් ගිණුම් වලට අනවසරයෙන් ඇතුළු වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ තොරතුරු වාර්තා වූ බව සඳහන් වේ. හැකර්වරුන් වට්ස් ඇප් ගිණුම් වලට ඇතුළු වී වැඩි වශයෙන් මූල්‍ය වංචා සිදුකරන බව අනාවරණය විය.

එවැනි පැමිණිලි 74ක් පමණ මේ වනවිට වාර්තා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version