Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

හෙට සිට විදුලි ගාස්තුව 15% කින් ඉහලට

June 11, 2025

එමීර් රාජ්‍යයේ ඉහළ යන උෂ්ණත්වය පිළිබඳ නිවේදනයක්

June 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ බදු ආදායම 39% ක වර්ධනයක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ බදු ආදායම 39% ක වර්ධනයක්

kumudikaBy kumudikaDecember 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820 ලෙසත් අපේක්ෂා කරනු ලැබූ බව 2024 වර්ෂය සඳහා වූ අය වැය ලේඛනයෙහි දක්වා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය. 

2024 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට සැප්තැම්බර් 30 දක්වා මාස 09 ක කාල සීමාවක දී රජයට ලැබී ඇති මුළු ආදායම රුපියල් බිලියන 2,918 ක් වන අතර බදු ආදායම ලෙස රුපියල් බිලියන 2,688 ක් ලැබී ඇති බවත් එය 2023 වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සමඟ සසඳා බලන විට මුලු ආදායමින් 38% ක පමණ වර්ධනයක් බව සඳහන් වේ. බදු ආදායම 39% ක් පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

 2024 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 324ක පමණ ආදායමක් ලැබී ඇත. එහි සඳහන් සාමාන්‍ය මාසික ආදායමට සමාන ආදායමක් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් 31 දක්වා මාස 03 ක කාලයෙහි ලැබෙනුයේ නම් මෙම වසර තුළදී  රජයට ලබා ගැනීමට හැකි වනුයේ රුපියල් බිලියන 3,891 ක් පමණි. එසේ වුවහොත් රජය අපේක්ෂා කළ ආදායමට වඩා රුපියල් බිලියන 215 ක පමණ අඩු ආදායමක් මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ රජයට ලැබීමට නියමිතව ඇත.

මෙම වසර තුළ දී රජයේ සාමාන්‍ය මාසික වියදම රුපියල් බිලියන 433 ක් පමණ වී ඇති අතර රජයේ මාසික ආදායම රුපියල් බිලියන 324 ක් පමණ වේ. මේ අනුව රාජ්‍ය වියදම් පියවා ගැනීමට  සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 108 ක පමණ ණය ගැනීමට සිදුව ඇත. 2025 වර්ෂය සඳහා අය වැය තුළ ඇති වන හිඟය පියවා ගැනීමට යම් ආකාරයකට ක්‍රියා කළ යුතු බවත් එසේ නොවන්නේ නම් රාජ්‍ය ණය ගැනීම් තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා  තවදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවට ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට සැලසුම්
Next Article මේ වසරේ විදෙස් සංචාරකයින් ලක්ෂ 18 ක් ශ්‍රී ලංකාවට පැමිණෙති
kumudika

Related Posts

Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

හෙට සිට විදුලි ගාස්තුව 15% කින් ඉහලට

June 11, 2025

එමීර් රාජ්‍යයේ ඉහළ යන උෂ්ණත්වය පිළිබඳ නිවේදනයක්

June 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.