සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන වසර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය ,නව සංචාරක කලාප හඳුන්වාදීම,සංචාරක ක්ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ගේ ගැටලු වලට විසඳුම් දීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතරට ඇතුළත් වේ.
මේ අතර ලබන වසර තුළ සංචාරකයන් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාව බව එම අධිකාරිය පවසයි. එය එතරම් අපහසු තත්ත්වයක් නොවනු ඇති බව සඳහන් ය.