Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයෙන් ජනපති අනුරට ආරාධනාවක්
UAE Sri Lankan

එමීර් රාජ්‍යයෙන් ජනපති අනුරට ආරාධනාවක්

kumudikaBy kumudikaDecember 11, 2024Updated:December 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 වසරේ පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් ආරාධනා කිරීමට නියමිතව තිබේ.

ඒ බව ශ්‍රී ලංකාවේ එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා විසින් දැනුම්දෙනු ලැබුවේ, කථානායක අසෝක රන්වල මහතා (09) දා පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදීය.

එමෙන්ම 2024 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම සමුළුව ඇමතූ බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.

දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය මෙහෙයවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීම බව මෙහිදි සඳහන් කෙරිණි.

මේ සම්බන්ධයෙන් අවශ්‍යවන විශේෂඥ දැනුම බෙදාගැනීමට තම රාජ්‍ය කැමැත්තෙන් සිටින බව තනාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම විනිවිදභාවයෙන් යුතු ආකර්ෂණීය ආයෝජන ක්‍රවේදයන් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෘත්තීයමය දක්ෂතාවයෙන් යුතු සාමකාමී පිරිසක් ලෙස අගයකරන බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තාක්ෂණික සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි ප්‍රගතිය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවති අතර ආයෝජන පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබේ.

මීට අමතරව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පණ ගැන්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇපල් සමාගම සිය 5 වන වෙළඳසැල 2025 දී එමීර් රාජ්‍යයේ විවෘත කිරීමට සැරසෙයි
Next Article ලංකා T10 තරඟාවලිය අද ඇරඹේ
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.