Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 33 කට අධික විනිමය සුරැකුම් පත් මිලදී ගනියි
Sri Lankan news

විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 33 කට අධික විනිමය සුරැකුම් පත් මිලදී ගනියි

kumudikaBy kumudikaDecember 11, 2024Updated:December 12, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය සතියේ දී ඩොලර් මිලියන 33කට අධික විදේශ ආයෝජන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙත ගලා ආ බව මහ බැංකු දත්තවලට අනුව පෙනී යන බව economynext පවසයි. අඛණ්ඩව 12 වැනි සතිය සනිටුහන් කරමින් මෙය සිදු විය.

අදාළ පුවත් වාර්තාව පෙන්වා දෙන්නේ මෙයට හේතු වී ඇත්තේ මහ බැංකුව විසින් තවදුරටත් පොලී අනුපාත අඩුකිරීම් සහ රුපියල ශක්තිමත් වනු ඇතැයි විදේශ ආයෝජකයින් අපේක්ෂා කිරීමය.

මේ අතර අදාළ පුවත් වාර්තාව කොළඹ පදනම් කරගත් මුදල් බෙදාහරින්නෙකු උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් වන්නේ, වෙළෙඳපොළ පොලී අනුපාතවල මූලික ලක්ෂ්‍ය 150ක අඩුවීමක් සහ අඛණ්ඩ මුදල් අගයක් අපේක්ෂා කරන බවය.

ඉකුත් 2022 දී උද්ධමනය 70%ට වඩා ඉහළ යාමෙන් පසු පොලී අනුපාත පහත වැටීමට තුඩු දෙන අවධමනකාරී ප්‍රතිපත්ති සහ ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර දෙසැම්බර් 5 න් අවසන් සතිය තුළ, රජයේ සුරැකුම්පත් වෙත ගලා ආ විදේශ ලැබීම් රුපියල් බිලියන 9.74 (ඩොලර් මිලියන 33.6) දක්වා ළඟා වූ අතර, පසුගිය සති 12ක කාලය තුළ දී එය රුපියල් බිලියන 28.8ක (ඩොලර් මිලියන 99.4) ප්‍රමාණයක් ගෙන ඇතැයි එම පුවත් වාර්තාවේ දැක් වේ.

තව ද ඉකුත් දෙසැම්බර් 5 වනදා වන විට රජයේ සුරැකුම්පත්වල විදේශ වත්කම් රුපියල් බිලියන 68.1ක් ලෙසින් සඳහන්ව ඇති අතර ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධමනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අදාළ පුවත් වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වීමෙන් අනතුරුව ද ආර්ථික ප්‍රතිපත්ති නොවෙනස්ව පැවතුනද, ක්‍රමානුකූලව දූෂණයට එරෙහිව සටන් කිරීමට ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥා විදේශ ආයෝජන ආකර්ශනයට පිටුබලයක් වනු ඇති බව එහි වැඩිදුරටත් දැක් වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දීය රජයෙන් ලංකාවට දුම්රිය එන්ජින් 22 ක්
Next Article ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.