Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබඳ නැවත පරික්ෂණයක්
Sri Lankan news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබඳ නැවත පරික්ෂණයක්

kumudikaBy kumudikaDecember 15, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය මහාචාර්ය, වෛද්‍ය සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් ආදී ලෙස නමට ඉදිරියෙන් ඇති පදවි තානාන්තර නිවැරදි දැයි කියා පාර්ලිමේන්තුව විසින් අදාළ මැති ඇමැතිවරුන්ගෙන් නැවත විමසීමක් සිදු කර ඇත.

එසේ සිදු කිරීමට ආසන්නම සිදුවීම වී ඇත්තේ අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ ලෙස තොරතුරු ඇතුළත් කිරීමේදී පාර්ලිමේන්තු නිලධාරියකු අතින් සිදුවූ අතපසුවීම සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් එම මැති ඇමැතිවරුන්ට පුද්ගලිකවම කතා කොට නමට ඉදිරියෙන් ඇති එම පදවිනාම පිළිබඳ වරදක් ඇද්දැයි විමසා නිවැරදි කිරීම් සිදුකර ගෙන ඇත.

එලෙස විමසීම් සිදුකර තහවුරුකර ගැනීමෙන් පසුව ඒවා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි නිවැරදි ලෙස පළවී ඇද්දැයි සොයාබලා ඒවා නිවැරදි ලෙස යාවත්කාලීන කර අවසන් කර ගත් බව එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් එහිදී කථානායක අශෝක රන්වල මහතාගෙන් නැවත ඔහුගේ ආචාර්ය පදවිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකර ඇති අතර අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගෙන් ද එවැනි විමසීමක් සිදුකර නොමැත.

අගමැතිනිය මීට පෙර ද පාර්ලිමේන්තුව නියෝජනය කළ බැවින් ඇයගේ පදවිය සම්බන්ධයෙන් නැවත විමසීමක් සිදු කිරීම අවශ්‍ය නොවූ බවද ඉහත නිලධාරියා වැඩිදුරටත් කීය.

මේ අතර කථානායකවරයාගේ ආචාර්ය පදවිය සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පාර්ලිමේන්තු සතියේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2019 සිට මේ දක්වා ලංකාවට රුපියල් කෝටි 17,441.3 ක මාළු ආනයනය කෙරේ
Next Article ADNOC 2024 අබුඩාබි මැරතන් තරඟයට තරඟකරුවන් 33,000 කට අධික සංඛ්‍යාවක්
kumudika

Related Posts

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.