පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව කල් දමා ඇති පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අහෝසි කර යළිත් නාමයෝජනා කැඳවීමට නියමිතය. එම මැතිවරණය අප්‍රේල් මුල් භාගයේ පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බව සඳහන් ය. අදාළ මැතිවරණය මේ වනවිටත් වසර හතකට වැඩි කාලයක් කල් දමා තිබීමත් විශේෂත්වයකි.

පළාත් සභා මැතිවරණයට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version