ශ්‍රී ලංකාවේ පාරම්පරික අංගම් පොර ක්‍රීඩාව නිරූපණය වන පරිදි අංගම් පොර ක්‍රීඩා ඇඳුම නිරූපණය කළ සජිත් බුලත්සිංහල පිලිපීනයේ පම්පන්ගා හි පැවති Man of the Globe තරගාවලියේදී ලෝකයේ විශිෂ්ටතමයා ලෙස කිරුළු පළඳා ඇත. ක්‍රීඩාව,ගෝලීය එකමුතුකම, සංස්කෘතික විවිධත්වය සහ කැපී පෙනෙන පිරිමි පුද්ගලයා තේරීම සඳහා වූ මෙම තරගයේදී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම එසැවූ සජිත් බුලත්සිංහල හොඳම ජාතික ඇඳුම හා හොඳම පිහිනුම් ඇඳුම් ප්‍රදර්ශනය කිරීමෙන් ද පළමු තැනට පත්වී කැපී පෙනෙන පිරිමි පුද්ගලයා බවට පත් විය.

ලෝකයේ රටවල් සියල්ල නියෝජනය කළ මේ තරගාවලියේදී පාරම්පරික අංගම්පොර ක්‍රීඩාව ප්‍රදර්ශනය කිරීමේදී වැඩි අවධානයක් දිනා ගැනීම විශේෂත්වයක් විය. ලෝකයේ ඉපැරණිම අංගම්පොර ක්‍රීඩාවේ විදහා දැක්වෙන සූර්යයා, ගින්දර හා මෙරට මුතුන් මිත්තන්ගේ ආභාසය සජිත් බුලත්සිංහල නිරූපණය කොට තිබිණි.

Share.

Comments are closed.

Exit mobile version