Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහය
Sri Lankan news

ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහය

kumudikaBy kumudikaDecember 17, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය නිල නිවෙස වන හයිද්‍රාබාද් මැඳුරේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ සහතිකය ඉන්දියාවට ලබා දුන්නේය.

ආරක්ෂක සහයෝගිතාව (Colombo Security Conclave) යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුලුනු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය.

ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙහිදී හුවමාරු කෙරිණි.

එහිදී ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කළේය. ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැඟෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අගමැතිවරයා කැමැත්ත පළ කර තිබේ.

එසේම නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරනු ඇත.

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එහිදී කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව සතුටු වන බවය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් මෙහිදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද ආරාධනා කළේය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඋත්සව සමයේ භාණ්ඩ මිල 25% කින් අඩු කරන බව ඇමති කියයි
Next Article නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන සොයා බලන්නැයි FCID වෙත පැමිණිල්ලක්
kumudika

Related Posts

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.