ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
එතුමා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත , අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ ඇත.
ඔවුන් ඊයේ රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 12/15 දින සිය ඉන්දීය සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.