Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනයට අවසර
Sri Lankan news

ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනයට අවසර

kumudikaBy kumudikaDecember 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන වසරේ ජනවාරි මස 31 වැනි දින හෝ ඊට පෙර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයන් මඟින් වෙළෙඳපොළට සැපයීම මේ අනුව සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වේ. ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතින අතර රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙන බව ඒ මහතා කියා සිටියේය.

ඒ සඳහා පිළියමක් ලෙස සකස් කර වෙළෙඳපොළට සැපයීමට පවතින තීරුබදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව හෙතෙම කීවේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleZayed ජාත්‍යන්තර ගුවන්තොටුපළ පළමු සංවත්සරය  සමරයි
Next Article මහ බැංකුව නව බැඳුම්කර නිකුත් කරයි
kumudika

Related Posts

ජර්මනියේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා

June 14, 2025

Sri Lankan ගුවන් සේවයෙන් මගීන්ට නිවේදනයක්

June 14, 2025

ජනාධිපති අරමුදලේ සියලුම වැඩ අන්තර්ජාලය ඔස්සේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.