Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අඹේවෙල ගොවිපොළ ලීටර් 62,000 ක වාර්තාගත කිරි නිෂ්පාදනයක
Sri Lankan news

අඹේවෙල ගොවිපොළ ලීටර් 62,000 ක වාර්තාගත කිරි නිෂ්පාදනයක

kumudikaBy kumudikaDecember 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අඹේවෙල ගොවිපොළ කිරි ලීටර් 62,000 ක නිෂ්පාදනයක් වාර්තා කරමින් දෛනික කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2001 වසරේදී මෙම ගොවිපළ රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශය වෙත පවරා ගන්නා විට පැවති දෛනික නිෂ්පාදනය ලීටර් 3,000 ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙය දැවැන්ත වර්ධනයකි. මේ වනවිට අඹේවෙල ගොවිපළ රටේ සමස්ත කිරි නිෂ්පාදනයට වසරකට ලීටර් මිලියන 20 ක දායකත්වයක් ලබාදෙන අතර, මෙය නවීකරණය, විශේෂඥ දැනුම සහ අඛණ්ඩ කැපවීම එක්තැන් කිරීම මගින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමකි.

වසර ගණනාවක් තිස්සේ අතිශය පරීක්ෂාකාරී ලෙස සැලසුම් සකස් කිරීම, සැලකිය යුතු ආයෝජනයන් සිදුකිරීම සහ නව්‍ය කිරි ගොවිතැන් ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙම සාර්ථකත්වය අත්කරගැනීමට අඹේවෙල ගොවිපොළට හැකි වී තිබේ. 2019 වසරේදී ගොවිපොළේ කටයුතු සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ස්වයංක්‍රීය ලෙස කිරි ගවයනින් ගාල් කිරීමේ සහ කිරි දෙවීමේ යන්ත්‍රාගාර දෙකක් ස්ථාපිත කරන ලදී. මෙය රු. බිලියන 5 ක වටිනාකමකින් යුත් දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියක එක් අදියරක් විය. එමගින් වසර දෙකක් තුළ නිෂ්පාදන ධාරිතාව දෙගුණ වූ අතර, අඹේවෙල ගොවිපළේ ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමටද හැකියාව ලැබිණි. කිරි ගවයන් වෙනුවෙන් වෙන්කර ඇති පහසුකම්වල සිට පරිගණකගත කළමනාකරණ පද්ධති දක්වා සියලුම දේ, ගොවිපොළෙහි මෙහෙයුම් කටයුතු විශිෂ්ට ලෙස පවත්වාගෙන යාම සඳහා ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරයි.

අඹේවෙල ගොවිපොළේ මෙම සාර්ථකත්වයට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පමණක් නොව, ඉදිරිගාමී චින්තනයද විශාල වශයෙන් බලපා තිබේ. ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත උසස් අභිජනන වැඩසටහන් හේතුවෙන් වැඩි කිරි අස්වැන්නක් ලබාදෙන එළදෙනුන් දේශීය වශයෙන් බිහිකිරීමට හැකි විය. ලොව ඉහළම වාණිජ වටිනාකමක් සහිත එළදෙනුන් සමග සැසඳිය හැකි, ජානමය වශයෙන් උසස් මෙම එළදෙනුන් දින 305 ක කිරි නිෂ්පාදන චක්‍රයක් තුළ ලීටර් 12,000 ක් වැනි ඉහළ කිරි අස්වැන්නක් ලබාදෙයි. තවද එළදෙනුන් ලෙඩරෝගවලින් ආරක්ෂා කරමින් ඵලදායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය පරීක්ෂණ හා නිවාරණ වැඩසටහන්ද ගොවිපොළ මගින් දැඩි ලෙස ක්‍රියාවට නංවා තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති අරමුදලේ මුදල් දුන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළකට – හිටපු ජනපති කියයි
Next Article Global Village මල් වෙඩි සංදර්ශන හතක් සමඟින් 2025 පිළිගැනීමට සූදානම්
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.