Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය
Sri Lankan news

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය

kumudikaBy kumudikaDecember 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලක් රජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(22) හමුවිය.

මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ADB හි කාර්යභාරය මෙම සාකච්ඡාවේදී යළිත් අවධාරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩි අවධානයක් යොමුවිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය ලබාදීම පිළිබඳව ADB නියෝජිතයින් වැඩිදුරටත් සාකච්ඡා කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ රංජිත් ගරුසිංහ, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ADB අංශයේ සහකාර අධ්‍යක්ෂ ධනංජි අමරසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයයේ ආර්ථික කටයුතු අධ්‍යක්ෂ ලෂිංකා දම්මුල්ලගේ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක් වූහ.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි AI සතිය 2025 අප්‍රේල් මාසයේදී පැවැත්වීමට සැලසුම්
Next Article ඩුබායි Shopping Festival  Al Marmoom හි ‘The Uncommon’ pop-up දියත් කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.