2024 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම විසි ලක්ෂය ( මිලියන දෙක ) පසු කරමින් විසි ලක්ෂය වැනි සංචාරකයා අද (26) උදෑසන තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
තායිලන්තයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටින 53 හැවිරිදි ප්‍රසාන් ඉන්කනන්( Prasan Inokanunt ) මහතා සහ ඔහුගේ බිරිඳ මෙසේ පැමිණියහ.
ඔවුන් තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ තිබූ අතර සතියක කාළයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ඔවුන් අද උදෑසන 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
පිරිස පිළිගැනීම සදහා සංචාරක කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති සිරිල් වන්නිගම යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ .