2025 නව වසර උදාව නිමිත්තෙන් 2024.12.31 වන දින කොළඹ නගරය වෙත පිටත පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
එබැවින් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව 2024.12.31 වන දින ගාලු මැද පාර පිහිටි රථ නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියළුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථ ගාල් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත.