Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»Clean Sri Lanka අද ඇරඹෙයි
Sri Lankan news

Clean Sri Lanka අද ඇරඹෙයි

kumudikaBy kumudikaJanuary 1, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරේ.

පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කර දීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් ද දැනුම් දී තිබේ.

මහජන අභිලාෂ සම්පූර්ණ කිරීමට, මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවාවක් ලබා දීම හා සමස්ත රාජ්‍ය සේවයම තිර අදිටනින් කැප විය යුතු බැවින් ඊට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවල හා කාර්යාලවල එකම වේලාවට එකම න්‍යායපත්‍රයක් යටතේ වැඩ ඇරඹීමේ උත්සවය පැවැත්වෙයි.

එම උත්සවයේදී උදේ 8.30ට ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනා කිරීම හා රට වෙනුවෙන් මිය ගිය සියලු දෙනා සැමරීමට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීම හා උදේ 9.00ට ජනාධිපති කාර්යාලයේ සිට ජනමාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ප්‍රතිඥාව දීමේ අවස්ථාවට සජීවීව සම්බන්ධ විය යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහෙට දිනයේ රාජකාරි පිළිබඳ සියලු රාජ්‍ය ආයතන වලට රජයෙන් නිවේදනයක්
Next Article ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කෙරේ
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.