Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හෙට දිනයේ රාජකාරි පිළිබඳ සියලු රාජ්‍ය ආයතන වලට රජයෙන් නිවේදනයක්
Sri Lankan news

හෙට දිනයේ රාජකාරි පිළිබඳ සියලු රාජ්‍ය ආයතන වලට රජයෙන් නිවේදනයක්

kumudikaBy kumudikaDecember 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා “ ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන් වේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී හෙට(01) සිදුකිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සමස්ත රාජ්‍ය සේවයේ නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කාර්යයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බවයි.

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකා මගින් විකාශනය කිරීමට කටයුතු සලසා ඇති අතර සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී තිබේ.

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවිම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සිය චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳුට තවත් ICC නිර්දේශයක්
Next Article Clean Sri Lanka අද ඇරඹෙයි
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.